37 වැනි කෘෂිකර්ම සමුළුව අද

පෙබ 19, 2024
    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ, 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව, කොළඹදී අද සිට ලබන 22 දක්වා පැවැත්වෙනවා.

    පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගි වන පළමු සමුළුව මෙයයි.

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ, 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුවට රටවල් 42 ක නියෝජිතයින් 300 කට අධික පිරිසක්, සහභාගි වීමට නියමිතයි.
    ඉරානය, ජපානය, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, සැමෝවා, ෆීජි ඇතුළු රටවල් රැසක නියෝජිතයින් ඊට ඇතුළත්. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ප්‍රධානී, කු ඩොන්ග්යු මහතා සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ දිවයිනට පැමිණියා.
    මෙම සමුළුවේදී 2026 දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.
    Last modified on සදුදා, 19 පෙබරවාරි 2024 10:52

    Latest News