මිය ගියත් වාර්තා අලුත් කරන මයිකල් ජැක්සන්

පෙබ 18, 2024

    සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ ගීත නාමාවලියේ අඩකට ඩොලර් මිලියන 600ක් ගෙවීමට සෝනි සමාගම ඉදිරිපත්ව සිටිනවා.

    මෙය ගීත නාමාවලියක් වෙනුවෙන් ගෙවන ලද ඉහළම මුදල වනවා.

    ජැක්සන්ගේ පටිගත කරන ලද ගීත රචනා අයිතිය ඩොලර් බිලියන 1.2 කට වැඩි බවට අනුමාන කෙරෙනවා.

    මයිකල් ජැක්සන් වසර 2009 දී පනස් හැවිරිදි වියේදී මිය ගියා. ඔහුගේ ගී තැටි මිලියන 400 කට වඩා ලොවපුරා අලෙවි වී තිබෙනවා.

    ඔහු 1982දී නිකුත් කළ Thriller තවමත් ලොව වඩාත්ම අලෙවි වන ගී තැටිය බව ගිනස් වාර්තා පෙන්වා දෙනවා.

    Latest News