අවසන් වටයට නිර්දේශ වූ "හින් දොස් මාලේ"

සැප් 16, 2022

    මෙවර ස්වර්ණපුස්තක අවසන්  වටයට නිර්දේශ වූ සේපාලී මායාදුන්නේ සම්පාදනය කළ "හින් දොස් මාලේ" නව කතාව පිළිබඳවයි. එය මියුසස්  ප්‍රකාශනයක්.

    අනුරාධපුර නුවර වැව ආසන්නයේ මිහින්තලා පාරට ආසන්න ගම්මානයක උපත ලද සේපාලි මායාදුන්නේ එවකට අනුරාධපුර ප්‍රාථමික පාසල නමින් හැඳුන්වූ, පසුකාලීනව වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයෙන් 5 වැනි ශ්‍රේණිය සමත් වී ද්විතීයික අධ්‍යාපනය සඳහා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. 

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධියද, කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනපති සහ දර්ශන විශාරද උපාධිය ලැබූ සේපාලි මායාදුන්නේ මහත්මිය අර්ධ රාජ්‍ය ආයතනයක නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරක්ද හෙබවූවා. 

    ඩී.ආර්.විජේවර්ධන අනුස්මරණ සාහිත්‍ය සම්මානය, ස්වාධීන සාහිත්‍ය සම්මානය, රාජ්‍ය සාහිත්‍ය සම්මානය, ගොඩගේ සාහිත්‍ය සම්මානය, විද්‍යෝදය සම්මානය, බෞද්ධ සාහිත්‍ය සම්මානය වැනි සම්මාන රැසකින් පිදුම් ලැබූ ඇය, පරිනත ලේඛිකාවක්. හින්දොස් මාලේ කෘතිය තුළින් ඇය ගොඩනංවන්නේ මනුෂ්‍යත්වයේ කථාවයි.  ‍

    Latest News