ලංකාවේ පිස්සු හැදෙන දුම්රිය ගමන, ඇල්ල ඔඩිසි (වීඩියෝ)

අගෝ 31, 2022

    උඩරට දුම්රිය මාර්ගය ඉංග්‍රීසින් විසින් මෙරට ඉදිකරන ලද දර්ශනීයතම හා ආකර්ෂණීයම දුම්රිය මාර්ගයයි. මෙතෙක් එහි ධාවනය කෙරුනේ සාමාන්‍ය මගීන් ඉලක්ක කරගත් දුම්රිය ගමන්වාර වැඩි සංඛ්‍යාවක්.

    එහෙත්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඇල්ල ඔඩිසි නමින් නව ආරක අධි සුඛෝපභෝගී දුම්රියක් දෙස් - විදෙස් සංචාරකයින් ඉලක්ක කර හදුන්වා දෙනු ලැබුවා. ඒ මේ වර්ෂයේ මාර්තු 5 වැනිදායි. එය උඩරට දුම්රිය මාර්ගයේ දර්ශනීය ස්ථාන කිහිපයක නවත්වනු ලබනවා.

    හෝස්ටේල් දියඇල්ල,එල්ජින් ඇල්ල, ස්ලෙන්කෙයා ඇල්ල‍, ශ්‍රීපාද ගිරිමුදුනේ දර්ශනය, ඉදල්ගස්හින්න, සුළංකපොල්ල, හපුතලේ යන දුම්රිය ස්ථාන හා හිතල්ඇල්ල දියඇල්ලේ දර්ශනය, ආරුක්කු නවයේ පාලම, දෙමෝදර ඇතුළු ස්ථාන 12ක මෙම දුම්රිය ස්වල්පවේලාවක් නවත්වන්නේ එම ස්ථානවල සුන්දරත්වය මගීන්ට ලබාදීමේ අරමුණින්.

    මෙම දුම්රියේ ගමන් කිරීම මනරම් අවස්ථාවක් වන අතර අවශ්‍ය පුද්ගලයෙකුට පවු‍ලේ විනෝද චාරිකා සදහා මෙන්ම මනාල යුවලට මධුසමය වෙනුවෙන් වූ චාරිකා සඳහා ද මෙය වෙන්කර ගත හැකි බවයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. සුව පහසුවෙන් හා සැහැල්ලුවෙන් ගමන් කිරීමේ පහසුකම සහිත ආසන මෙහි තිබෙන බැවින් කිසිඳු විටක ගමන් විඩාවක් ඇති වන්නේ නැහැ.

    සෑම සෙනසුරාදාවකම කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඇල්ල ‍ඔඩිසි දුම්රිය ධාවනය කෙරෙන අතර කොළඹ කොටුවෙන් ගමන් අරඹන‍නේ උදෑසන 5.30ටයි. බදුල්ල දුම්රිය ස්ථානයට සවස 3.53ට ළගාවනු ඇති. ඉරිදා දිනවලදී බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා එය ආරම්භ කෙරෙන අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 9.50ට ගමන් ආරම්භ කර එය සවස 7.20ට කොළඹ කොටුව ළගාවෙයි. 

    වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ එක් මගියෙකු සදහා රුපියල් 5,000ක වටිනාකමින් යුත් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු අතර දෙවැනි පන්තිය සදහා වලංගු ප්‍රවේශ පත්‍රයේ වටිනාකම රුපියල් 4,000ක්. ‍තුන්වැනි පන්තියේ ගමන් ගන්නා මගියෙකු ගෙවිය යුතු මුදල රුපියල් 3,000ක්. මෙම ප්‍රවේශ පත්‍ර එක් ගමන්වාරයක් සඳහා වලංගු බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    ගමන් කරන මගීන්ට ආහාර පාන ඇතුලු සියලු පහසුකම් ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ගමන් ගන්නා දින සිට දින 14කට පෙර අතුව ප්‍රවේශ පත්‍ර කොළඹ කොටුව, මරදාන, ගම්පහ, මහනුවර, නාවලපිටිය, ඇල්ල, නානුඔය, හැටන් හා දියතලාව යන දුම්රිය ස්ථානවලින් ලබාගත හැකියි. එමෙන්ම, මොබිටෙල් දුරකථන සබඳතාවක් ඔස්සේ ද පැය 24 පුරා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකියි. ඇමතුම් අංකය 365. 

    ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ද ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ https://seatreservation.railway.gov.lk/mtktwebslr/ වෙබ් අඩවියට පිවිසීමෙන් එය සිදුකර ගත හැකියි.


    විදේශීය සංචාරකයින් සදහා තම සංචාරක ඒජනතයින් හෝ අදාළ සමාගම් හරහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකියි.

    ඇල්ල ඔඩිසි දුම්රියේ ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින් වැඩි ඇල්මක් දක්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. එබැවින් බෙහෝ විට ප්‍රවේශපත්‍ර නිකුත්කරන පළමු දිනයේදීම ඒවා අවසන්වන අවස්ථාද දක්නට ලැබෙවනා. 

     

    Last modified on බදාදා, 31 අගෝස්තු 2022 14:31

    Latest News