මහාචාර්ය සනත් නන්දසිරි මහතාට උපහාර දැක්වීමේ උත්සවයක්, අද ගුවන් විදුලි සංස්ථාවේදි (වීඩියෝ)

අගෝ 17, 2022
  • සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාට උපහාර දැක්වීමේ උත්සවයක්, ශ්‍රී  ලංකා ගුවන් විදුලි සංස්ථාවේදි අද (17) පැවැත්වුණා. 

    ඒ, සංගීතඥයන් ඇතුළු කලා ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන්.  උපහාර උත්සවය නම් කර තිබුණේ ''ආදර සැමරුම්'' යනුවෙන්.  සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාට උපහාර වශයෙන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා ප්‍රධාන ගොඩනැගිල්ල තුළ ඔහු‍ගේ ඡායාරූපයක් නිරාවරණය කෙරුණා. ඒ, සනත් නන්දසිරි මහතාගේ බිරිඳ වන, ගායන ශිල්පිනී මල්කාන්ති නන්දසිරි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

    සනත් නන්දසිරි මහතාට උපහාර පිණිස විවිධ ගායන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් සංගීතමය වැඩසටහනක් ද ගුවන් විදුලි සංස්ථා කුමාරතුංග මැදිරියේදී පැවැත්වුණා.  ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති  හඩ්සන් සමරසිංහ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරගල, අධ්‍යක්ෂ ජෙනරාල් නලින් නිශ්ශංක යන මහත්වරුන් හා මහාචාර්ය සුනිල් ආරියරත්න, විශාරද නන්දා මාලිනී යන මහත්ම මහත්මීන් ඇතුළු සංගීතවේදීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වුණා.

    Latest News