බෙංගාලි කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපට සම්මානය ලංකාවට

මැයි 30, 2022

    7 වන බෙංගාල අන්තර් ජාතික කෙටි චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය වෙනුවෙන් හිමි සම්මානය ශ්‍රි ලංකාවට හිමි වී තිබේ.

    ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සුදත් අබේසිරිවර්ධනයන් විසින් අධ්‍යක්ෂණය හා පිටපත් රචනය සිදු කර Breathing Memories කෙටි චිත්‍රපටයට මෙලෙස එම උළෙලේ ප්‍රධාන සම්මානය වන හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය හිමිවිය.

    මෙම උළෙල සඳහා රටවල් 17ක කෙටි චිත්‍ර‍පට ඉදිරිපත් වී තිබූ අතර අවසන් වටය සඳහා කෙටි චිත්‍ර‍පට 16ක් තෝරාගෙන තිබිණි.

    එම චිත්‍ර‍පට 16 අතර ප්‍රංශය, ස්වීඩනය, තුර්කිය,එක්සත් රාජධානිය, ස්පාඥ්ඤය, චෙක් ජනරජය, නේපාලය, ශ්‍රී ලංකාව, ඉන්දියාව (බෙංගාල,හින්දි,කන්නඩ) වැනි රටවල නිර්මාණ ඇතුළත් විය.

    මෙම චිත්‍ර‍පටය සඳහා සිංහල හා දෙමළ ශිල්පීන් සම්බන්ධ වී තිබීම ද විශේෂත්වයකි.

    Latest News