සම්මාන 36ක් සමගින් ජාතික රූපවාහිනිය ප්‍රමිතියේ මුද්‍රාව යළි යළිත් තහවුරු කරයි

නොවැ 30, 2021
  • ප්‍රමිතියේ මුද්‍රාව යළි යළිත් තහවුරු කරමින් 2020 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උළෙලේ දී සම්මාන 36ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමත් විය.

    එය මෙවර සම්මාන උළෙලේ දී එක් නාලිකාවක් හිමිකරගත් වැඩිම සම්මාන ගණනයි.

    සම්මාන ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී ඊයේ පස්වරුවේ පැවැත්විණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. 2019 වසරේ විකාශ වූ රූපවාහිනී නිර්මාණ අතුරින් විශිෂ්ටතම නිර්මාණ සඳහා ඇගයීම් සම්මාන පිරිනැමුණු අතර එම නිර්මාණ තෝරා ගනු ලැබුවේ, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින්.

    Latest News