ලොව පළමු තැපැල් මුද්දරය වෙන්දේසියට

ඔක් 30, 2021

    ලොව පළමු තැපැල් මුද්දරය වෙන්දේසි කිරීමට සූදානම් කර තිබේ.

    එය අමෙරිකානු ඩොලර් මිලියන 8 ඉක්මවූ මුදලකට අලෙවි වනු ඇති බව අපේක්ෂා කෙරේ.මෙම වෙන්දේසිය පිළිබඳව ලොව පුරා තැපැල් මුද්දර එකතු කරන්නන්ගේ උද්‍යෝගය හා අවධානය යොමුව තිබේ.

    ලොව පළමු මුද්දරය ලෙස සැලකෙන පෙනී බ්ලැක් නමැති මුද්දරය එලෙස වෙන්දේසි කිරීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
    1840 වසරේ නිකුත් කළ මෙම මුද්දරයේ වික්ටෝරියා රැජිනගේ රුව මුද්‍රණය කර තිබේ. එහි වටිනාකම බ්‍රිතාන්‍ය පෙනී එකක්.

    එමෙන්ම, 1840 වසරේ මැයි මස 6 වැනිදා සිට මෙම මුද්දරය භාවිත කර ඇති අතර අවුන්ස බාගයකට අඩු ලිපි තැපැල් කිරීමට මුද්දරය වලංගුවී තිබේ. මීට පෙර තැපැල් භාණ්ඩ සඳහා වන ගාස්තුව ගෙවා තිබුණේ භාණ්ඩ හෝ ලිපිය ලබාගන්නා අය විසින් වන බව ද වාර්තා වෙයි.

    මෙම මුද්දරයේ වත්මන් හිමිකරු වන්නේ ව්‍යාපාරිකයෙකු වන මුද්දර එකතු කරන්නෙකු වන ඇලන් හොලියෝක්. මෙම මුද්දරය දෙසැම්බර් මස 7 වැනිදා සිට ලන්ඩනයේ දී වෙන්දේසි කිරීමට නියමිතයි.

    Latest News