අද ප්‍රසංගයට සූදානම් යොහානි කියූ කතාව (වීඩියෝ)

ඔක් 03, 2021
  • ඉන්දියාවේ හයිද්‍රාබාද්හි අද පැවැත්වෙන සංගීත ප්‍රසංගයට තමා සූදානම් බව යොහානි ද සිල්වා ප්‍රකාශ කරයි.

    බ්‍රහස්පතින්දා රාත්‍රී නවදිල්ලියේ පැවති සංගීත ප්‍රසංගය අතරතුරදී ඇය වේදිකාව මත සුළු අනතුරකට මුහුණ පා තිබේ.

    යොහානි සිය මුහුණු පොතේ සහ ටුවිටර් ගිණුමේ තැබූ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. එහෙත් බාධාවකින් තොරව ප්‍රසංගයට සහභාගීවන බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

    'අපේ කතා ලියවෙන්නේ අපගේ ජීවන සටන් හා පසුබෑම් තුළින් ලබන තැලීම් හා සීරිම් සලකුණු මත' යැයි, ඇය සිය සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබේ. යොහානි, ඉන්දියාවේ පවත්වන දෙවැනි සංගීත ප්‍රසංගය සඳහා තෝරාගෙන ඇත්තේ හයිද්‍රාබාද් හි ගාචිබොව්ලි හි හාට්කප් කොෆි රඟමඩලයි.

    Latest News