ඇනවුම් භාණ්ඩ ගෙදරටම ගේන රෝබෝ

අප්‍රේ 12, 2021

    සිංගප්පූරුවේ වෙළඳ සැලක් නව රෝබෝ තාක්ෂණය මගින් අත්හදා බලමින් සිටියි. ඒ දෛනික වැඩ පහසු කිරීමට හා වේලාව ඉතුරු කර ගැනීම සඳහායි.

    ඇනවුම් කරන ලද භාණ්ඩ නිවසටම ගෙනවිත් දිම සඳහා රොබෝවරුන් යොදා ගෙන තිබේ. සිංගප්පූරුවේ දේශීය සමාගමක් නිර්මාණය කර ඇති මෙම රොබෝවරුන් හඳුන්වනු ලබන්නේ,කැමෙලෝ ලෙසයි.

    අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරන භාණ්ඩ ස්වයංක්‍රීයව බෙදා හැරීම,මෙහි ඇති විශේෂත්වයයි.

    වසරක අත්හදා බැලීමේ කාලයක් තුළ නේවාසික ප්‍රදේශයන්හි, නිවාස 700ක් පමණ මෙම නව තාක්ෂණික සහය ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    ඇනවුම් කළ පුද්ගලයාගේ ජංගම දුරකතනය සතු මෘදුකාංගයක් මගින් නිවසට පැමිණ ඇති පාර්සල් ලබා ගැනීමට රොබෝවරයාගේ අවසර පැතීම කළ යුතු වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 08:10

    Latest News