දෙමෝදර ආරුක්කු නවයේ පාලම නැරඹීමට විශාල පිරිසක් (වීඩියෝ)

පෙබ 27, 2021
  • දෙමෝදර ආරුක්කු නමයේ පාලම නැරඹීමට මේ දිනවල දේශිය සංචාරකයින්‌ විශාල වශයෙන්‌ පැමිනෙමින්‌ සිටින බව වාර්තා වෙනවා.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශිය ලේකම්‌ කොටිඨාශයට අයත්‌ සංචාරක ස්ථානයක්‌ වන දෙමෝදර ආරුක්කු නමයේ පාලම ප්‍රදේශයේ සංචාරක කථමාන්තය කොරොනා වසංගතයත්‌ සමග දැවැන්ත ලෙස කඩා වැටි තිබූ අතර සංචාරක නීති ලිහිල්‌ කිරීමත්‌ සමග මෙලෙස සංචාරකයින්ගේ වැඩි වීමක්‌ පෙන්නුමි කරනවා.

    මෙම සති අන්තයත්‌ සමග සිකුරාදා දිනයේදි පොහොය දිනය යෙදී තිබීමත්‌ නිසා දිගු නිවාඩුවක්‌ ලැබීමත්‌ දැඩි පීඩනයකින්‌ සිටි දේශිය සංචාරකයින්‌ මෙලස රට වටා සංචාරයට යොමුව තියෙනවා.

    මෙලෙස දෙමෝදර ආරුක්කු නමයේ පාලම නැරඹීමට පැමිනෙන සංචාරඛයින්‌ නිසා පසුගිය කාලයේ දැඩි ලෙස අසරණව සිටි සංචාරක කරමාන්තයෙන්‌ එදිනෙදා ජීවිකාව පවත්වාගෙන ගිය බොහෝ දෙනෙකුට මෙම තත්වය අස්වැසිල්ලක්ව තියෙනවා.

    Last modified on සෙනසුරාදා, 27 පෙබරවාරි 2021 19:25

    Latest News