ඩෙන්මාකය බලශක්තිය නිපදවිය හැකි කෘතීම දූපතක් ඉදිකරයි

පෙබ 06, 2021

    මිලියන තුනක නිවාස සංඛ්‍යාවක් සඳහා බලශක්ති නිපදවිය හැකි කෘතීම දූපතක් ඩෙන්මාකයේ මේ දිනවල ඉදි කෙ‍රේ.

    මෙය ලෝකයේ පළමු පුනර්ජනනීය බලශක්ති දූපත ලෙස හැඳින්වීමට නියමිතයි.

    එහි විශාලත්වය වර්ග කිලෝමීටර 120,000ක්. ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අනතුරුව මෙහි විශාලත්වය තුන් ගුණයකින් වැඩි විය හැකි බව තාක්ෂණික නිලධාරීන් පවසයි.

    මෙම දූපත ඩෙන්මාකයේ සිට කිලෝමීටර් 80ක් දුරින් පිහිටි මුහුදු කලාපයේ ඉදිකෙරේ. එහි සම අයිතිය රාජ්‍ය හා පුද්ගලික අංශයට පැවරීමට ද නියමිතයි. සූර්ය හා සුළං බලය මෙන්ම මුහුදු රළ ද උපයෝගී කරගනිමින් බලශක්ති උත්පාදනයට බලාපොරොත්තු වන බවයි, ඩෙන්මාකය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 12:26

    Latest News