අද (30) සහ හෙට (31) දිනයේ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන් අද (29) සිට 31 දක්වා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.
අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්රමය ඔස්සේ සිදුකළ හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයට වසර 100 !!!!

අද (27) උදෑසන 8ට පමණ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ඊයේ (09/11) දින ක්‍රියාත්මක කරන ලද හදිසි වැඩවර්ජනය හේතුවෙන් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.