ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා.
භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දුන්නා.
සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්රීඩා අමාත්යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සළකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා.

අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව නදුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක්කටා නමැති සැකකරු දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ඉවත් නොකරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටිනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලරහිත කරමින්, අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා දිවයිනපුරා මැති ඇමතිවරු ඇතුළු දේශපාලනඥයින්ගේ නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත් වන ලෙස ඉල්ලා අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමක් අද ඉල්ලා අස් කර ගත්තා.

වතමන් ආර්ථික අර්බුදය‍ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා, ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 5 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.