කොළඹ - නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී ඊයේ (29) රාත්‍රී කාර්යාල සේවකයින් රැගත් බස් රථයක්, ලංගම බස්රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මාන්කුලම, පොලිස් වසමේ ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී අද (15) අලුයම සිදුවු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස්හංදිය අසළදී පෞද්ගලික බස් රථයක් ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනුරාධපුර-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඒරියාගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සිදුවූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් අද (01) අලුයම 4.30ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේ දී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද උදෑසන වැල්ලවාය, කරඳගොල්ල, රකිත්තා කන්ද මාර්ගයේ ගමන් කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.

අඹන්පොළ ප්‍රදේශයේ දී අද (10) අලුයම සිදුවු තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ හන්ටර්වැලි ප්‍රදේශයේ දී සිදුවූ බස්රථ අනතුරකින් දසදෙනෙකු මියගොස් තිබෙනවා.