Google සමාගම Huawei අතහරී

මැයි 20, 2019

    ගූගල් සමාගම හුවාවි ජංගම දුරකථන උපාංගවල ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ මෘදුකාංග නවීකරණ කිරීම අත්හිටුවා තිබේ.

    ඒ අනූව, හුවාවි ජංගම දුකරථනවල ගූගල් සමාගමේ ඇතැම් යෙදවුම්වලට පිවිසීම ද අවහිරවනු ඇති. චීනයට ඔත්තු බැලූ බවට හුවාවි සමාගමට එරෙහිව චෝදනා එල්ල වෙයි. අමෙරිකාව මේ වන විට හුවාවි සමාගම සමග ගනුදෙනු කරන අමෙරිකානු සමාගම්වලට බලපත්‍රයක් ලබාගැනීමට ද නියෝග කර තිබේ.

    ගූගල් සමාගමේ මෙම පියවරත් සමග හුවාවි සමාගමට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි, විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ. විදෙස් මාධ්‍ය පවසන්නේ නව පියවරත් සමග ගූගල් ප්ලේස්ටෝ, යූ ටියුබ්, ජී මේල්, ගූගල් මැප්ස් යන යෙදවුම්වලට මින් ඉදිරියට මෘදුකාංග නවීකරණයන් නොලැබෙන බවයි. එසේම, මෙම ගැටලුව සමථයකට පත් නොවුනහොත් ඉදිරියේ දී නිකුත් කෙරෙන හුවාවි ජංගම දුරකථන සඳහා මෙම යෙදවුම් භාවිත කිරීමේ හැකියාව ද නොලැබෙනු ඇති.

    Last modified on සදුදා, 20 මැයි 2019 21:57

    Latest News