දෙස්-විදෙස් සංචාරකයන්ට අන්තර්ජාල හා දුරකතන පහසුකම්

මැයි 12, 2019

    පොළොන්නරුව දීප උයන මධ්‍යයේ ඉඳි කෙරුණු ෆයිවු ජී තාක්‍ෂණයෙන් යුත් දුරකතන සන්නිවේදන කුළුණ අද විවෘත කෙරිණ.

    ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන් හා ජනතාවට අන්තර්ජාල හා දුරකතන පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් එය ඉදි කෙරිණ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති පී.ජී.කුමාරසිංහ සිරිසේන, පොළොන්නරුව නගරාධිපති චානක සුගත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News