විශාලතම නාවික පර්යන්තය හම්බන්තොටට...... දේශීය ආයෝජකයින් හම්බන්තොට වාරායට

මැයි 03, 2019

    LAUGFS ටර්මිනල්ස් ලිමිටඩ් විසින් දකුණු ආසියාවේ විශාලතම පර්යන්තය හම්බන්තොට අන්තර් ජාතික වරායට සමීපව ආරම්භ කරන ලදී.

    නව LAUGFS LPG පර්යන්තය ඉන්දියන් සාගරයේ වැදගත් බලශක්ති යටිතල පහසුකමක් බවට පත්වන අතර, බටහිර හා නැගෙනහිර සම්බන්ධ කරන ප්‍රධාන අන්තර්ජාතික සාගර වෙළෙඳ මාර්ග මධ්‍යයේ මූලෝපායිකව පිහිටා තිබීම එහි ඇති සුවීශේෂීත්වයයි.

    වසරකට ඇ.ඩො. මිලියන 500 ක ඇස්තමේන්තුගත වාර්ෂික අපනයන වටිනාකමක් සහිතව, ශ්‍රි ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සැලකිය යුතු ආයෝජනයක් ලෙස MT 30,000 LPG පර්යන්තය හඳුන්වාදේ.

    හම්බන්තොට වරාය සහ කොළඹ වරාය අතර ප්‍රථම වතාවට වෙරළබඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීම සඳහා නව LPG ප්‍රතිඅපනය කිරීමේ පහසුකමද මෙමඟින් හමිවේ.

    LAUGFS පර්යන්තය මගින් හේතුවෙන් සෘජු හා වක්‍ර කර්මාන්ත ගොඩ නැගීම මෙන්ම, රැකියා අවස්ථා සහ ආදායම් උත්පාදන අවස්ථාවන් නිර්මාණය කිරීමටත් සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මෙය කලාපයේ පිහිටි විශාලතම නැගී එන ගෑස් වෙළෙඳපොළ හා ප්‍රධාන අන්තර්ජාතික වෙළෙඳ වරායන් අතර සමීපව පිහිටා තිබීම විශේෂත්වයකි.

    LPG කර්මාන්තයේ ප්‍රාදේශීය සංවර්ධනයට විශාල අවස්ථාවක් උදාවනු ඇති අතර, ව්‍යාපෘතියේ දෙවන අදියර නිමවීමෙන් අනතුරුව 45,000 ක් දක්වා ව්‍යාප්ත වීමට ධාරිතාවය සඳහා ඩොලර් මිලියන 85 ක් ආයෝජනය කර ඇත.

    නව LAUGFS LPG පර්යන්තය ගෑස් ආනයනය, නැවත අපනයනය කිරීම මෙන්ම සිල්ලර වෙළෙන්දන්ට ප්‍රතිපාදන සැපයීමේ කේන්ද්රස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 11:54

    Latest News