මාර්තු මාසයේ චීන ආර්ථිකයේ නව පිම්මක්

අප්‍රේ 02, 2019

    පසුගිය මාර්තු මාසය තුළ චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

    ජනාධිපති ෂී ජින්පින් රජය විසින් ගෙනයනු ලබන ආර්ථික වැඩපිළිවෙළ මීට ඉවහල්වන්නට ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව දෙවන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන චීනය, අමෙරිකාව විසින් පවනව විවිධ සම්බාධක හේතුවෙන් ඉකුත් කාලසීමාව දැඩි පසුබෑමකට ලක්විය. 2018 වසර සැලකෙන්නේ, 28 වසරකට පසු චීනය දුර්වලතම ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළ වසර ලෙසයි.

    එම තත්වය වෙනස් කරමින් පසුගිය මාර්තු මාසය තුළ චීනය නිෂ්පාදන ක්ෂේත්‍රය 50%යි දශඹ 8ක වර්ධනයක් ලබා තිබේ. පෙබරවාරි මාසය තුල එය 49%යි දශම 9ක් ලෙස සටහන් විය. ජනාධිපති ෂී ජින්පින්ගේ සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළ යටතේ චීනය නැවතත් ප්‍රගතිශිලී ආර්ථිකයක් කරා ගමන් කරන බව, විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 13:44

    Latest News