i Phone 14 මිල ගණන් නියම කරයි

සැප් 08, 2022

    ඇපල් සමාගම සිය නවතම අයිෆෝන් 14 මාදිලිය එළිදක්වා තිබේ.

    ඒ අනුව iPhone 14 / iPhone 14 Plus / iPhone 14 Pro / iPhone 14 Pro Max යන වර්ග 04ක් යටතේ මෙම දුරකථන වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

    Megapixels 48 කැමරාවකින් අයිෆෝන් 14 සමන්විත බවයි ඇපල් සමාගම පවසන්නේ.

    iPhone 14 & 14 Plu s – midnight, starlight, light blue, light purple, Red යන වර්ණ 05 කින්ද, iPhone 14 Pro and Pro Max space – black, gold, silver and deep purple වර්ණ 04 න්ද වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබේ.

    iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිළකින්ද , iPhone 14 Plus රුපියල් 380,000 ක මිළකටද, iPhone 14 Pro රුපියල් 421,000ක ආරම්භක මිලකින්ද, iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිළකට ද අලෙවි වනු ඇති බව සඳහන් වේ.

    කෙසේ වෙතත්, iPhone 14 ජනතාවට මිලදී ගත හැකි වනුයේ සැප්තැම්බර් 16 වන දින බව එම සමාගම සදහන් කරයි.

    චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවකින් නව දුරකථනය සමන්විත වන අතර දැනට අමෙරිකාව සහ කැනඩාව තුළ පමණක් මෙම පහසුකම ක්‍රියාත්මක වනු ඇත.

    මෙම දුරකථන එළිදැක්වීමේ උත්සවය ෆා අවුට් ලෙස නම් කර තිබූ අතර එම අවස්ථාව, ඇපල් වෙබ් අඩවිය ඔස්සේ සජීව ලෙස ලබාදීටම කටයුතු යොදා තිබිණ.

    Latest News