මැරියට් කුළුණේ ඉදිකිරීම් දෙවැනි අදියර ඇරඹේ

පෙබ 27, 2019

    මෙරට විශාලතම කාර්යාල හා නිවාස සංකීර්ණ, තරු පංතියේ හෝටල් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත ජේ.ඩබ්ලිව් මැරියට් හොටෙල් ඇන්ඩ් රෙසිඩස්සීස් කුළුණේ දෙවැනි අදියරේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කෙරිණ.

    මෙමගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බවයි, එහි ඉදිකිරීම් සමාගම පවසන්නේ.

    ව්‍යාපෘතියට අතිනවීන හෝටල් කාමර 256ක්, නිවාස 206ක් හා වර්ග අඩි දෙලක්ෂයකට අධික උත්සව ශාලා අයත්. කුළුණේ උස, මීටර 303ක්, එහි 26 නැකි මහලේ සිට 70 වැනි මහළ දක්වා නිවාස සඳහා වෙන් කර තිබේ. වර්ග අඩි 1200 සිට වර්ග අඩි 2700 දක්වා විශාල සුඛෝපභෝගී නිවාස එහි ඉදිවීම විශේෂත්වයක්. මීට අමතරව, 65 සිට 70 දක්වා වන මහල්වල වර්ග අඩි 3900 සිට වර්ග අඩි 4700 දක්වා විශාල අති සුඛෝපභෝගී නිවාස ඉදිකිරීමට නියමිතයි.

    මෙහි ප්‍රධාන සැලසුම් උපදේශක ලෙස කටයුතු කරන්නේ, චයිනා කන්ට්‍රක්ෂන් ඩිසයින් ඉන්ටර් නැෂනල් අන්තර් ජාතික සමාගමයි. මෙහි සියලු ඉදිකිරීම් අවසන් වීමෙන් පසු මෙරටට රැකියා අවස්ථා මෙන්ම, අයෝජන අවස්ථා රැසක් උදාකරමින්, දකුණු ආසියාවේ ආකර්ෂණීය ගොඩනැගිල්ලක් බවට මෙය පත්වන බව, එහි ඉදිකිරීම් සමාගම පවසයි.

    download

    Housing 900px 19 02 27

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 11:33

    Latest News